Thursday 18th of June 2026

English Tamil
Advertiesment


යෝෂිත ඇප මත නිදහස්


2025-01-27 14967

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වුණි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළේය. ඒ අනුව සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේය.

සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment